Sunday, February 1, 2015

කට කහනවට කොටන මගේ ගංජා හේන

දිනපතා පුවත්පත් සහ රූපවාහිනී පුවත් බලන විටත්, ගුවන්විදිලියට සවන් දෙන විටත්, අන්තර්ජාලයේ  සහ මග තොට ද සැරිසරන විටත් දකින්නට  අසන්නට ලැබෙන නේක විධ දර්ශන ආරංචි ආදිය නිසා කියන්නට කටට එන, එහෙත් තහංචි නිසා කියන්නට බැරිව යන, ඒ බැරිකම නිසාම කට කසන්නට හේතු වන කතා කියන්නට අන්තර්ජාලයේ මේ පොඩි හේන කොටා ගත්තෙමි. මේ මගේ නියම අනන්‍යතාවයෙන් කෙටූ හෝ කොටන හෝ හේනක් නොවේ. නිර්නාමිකව හෝ, අනන්‍යතාවය වසංගමින් හෝ අන්තර්ජාලයේ පෙනී හිටින්නට මගේ කොහෙත්ම කැමැත්තක් නැත. මේ කාර්යය මෙතෙක් පමා වූයේත් මගේ ඒ අකමැත්ත නිසාම ය. ඒත්, මගේ නියම නමින් වෙබ් අවකාශයේ කොටා ඇති හේනේ වවා ගන්නට බැරි මේ කංසා පැල ටික කොහේ හෝ වවන්නටම ඕනෑ යයි ඇති වූ බලවත් අධිෂ්ඨානය නිසාම මෙය මෙසේ පටන් ගන්නට අවසානයේ මම තීන්දු කර ගත්තෙමි.

කංසා කියනනේ නරකට පාව්ච්චි කළොත් නරකට හිටින, එහෙත් හරි විදියට යොදා ගත්තොත් මහත් පල ආනිසසංස ගෙන දෙන ඹෟෂධයකි. ඒකට ත්‍රෛෙලා්ක විජය පත්‍රයැයි කියන්නේ නිකමට නොවේ.

ඉතින්,මගේ මේ හේනේ වවන බෝගයද බොහෝ දෙනෙකුගේ ත්‍රෛෙලෝක විජයට හේතු වේවායැයි පතමින් මේ හේන මම දැන් මෙසේ පුරන්නෙමි.

No comments:

Post a Comment